ඇමරිකානු ප්‍රහාරයකින් සිරියානු සෙබලූන් 62 ක් මරුට - රුසියාව ආරක්ෂක මණ්ඩලය කැඳවයි

Sunday, 18 September 2016 - 7:29

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+62+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු හමුදා නැගෙනහිර සිරියාවේදී එල්ල කළ ප්‍රහාරයකින් සිරියානු හමුදා භටයින් හැටදෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රුසියාව චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්ද කැඳවන බවයි රුසියාව සඳහන් කරන්නේ.

සිරියානු ජනාධිපති බෂාල් අල් අසාද් ගේ හමුදාවන්ට රුසියාවේ සහය ලැබෙන අතර ඔවුන්ට එරෙහිව සටන් කරන කණ්ඩායම්වලට ඇමරිකාව යුද ආධාර සපයනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවන්නට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.