Update : පුස්සැල්ලාව පොලීසිය ඉදිරිපිට විරෝධතාවක්

Sunday, 18 September 2016 - 12:27

Update+%3A+%E0%B6%B4%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ගම්පොළ - පුස්සැල්ලාව පොලීසිය අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවෙකු පොලිස් සිර මැදිරියක් තුළදී ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ පුස්සැල්ලාව පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ මොවුන් පොලීසියට චෝදනා කරමින් විරෝධතාවයේ නිරත වන බවයි.

මේ හේතුවෙන් නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගය ද වසා දමා තිබෙනවා. මෙලෙස ගෙළ වැළලාගෙන මිය ගොස් ඇත්තේ පුස්සැල්ලාව - රෝඩ්සයිල්ඩ් වත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.


Update : Sunday, September 18, 2016 : 3.12
...............................................................................................................

පුස්සැල්ලාව පොලීසිය අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවෙකු පොලිස් සිර මැදිරියේදී ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

එම පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ 30 හැවිරිදි මෙම පුද්ගලයා තමන් හැඳ සිටි කමිසය ආධාරයෙන් ගෙළ වැළලාගත් බවයි.

ක්‍ෂණිකව ඔහු රෝහල් ගතකිරීමට පියවර ගෙන ඇතත් ඒ වනවිටත් වරෙන්තුකරු මියගොස් සිටියා.

මෙම පුද්ගලයා මීට පෙර යම් වරදක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් මත ප්‍රජා සේවයට යොමුකර සිටි අයෙකු වන අතර එය පැහැර හැරීම නිසා යළි වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ අනුවයි පොලීසිය නැවතත් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මෙම මරණය සැක සහිත බවයි මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර මීට ටික වේලාවකට පෙර පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි.

උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඒ අතර සිටිනවා.