පෙරහැරට පැමිණ බීමතින් සිටි ඇත්ගොව්වාට වැඩ වරදී

Sunday, 18 September 2016 - 17:09

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැරට පැමිණි ඇතෙකු භාරව සිටි ඇත්ගොව්වෙකු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් කිත්සිරි අරඹේවත්ත අද මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ රත්නපුර ප්‍රදේශයේම පදිංචි ඇත්ගොව්වෙක්.

 ඊයේ දහවල් පෙරහැරෙන් පසු  මෙම ඇතා කිපී කලබල කිරීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිසිය ඇත්ගොව්වා පරීක්ෂා කර ඇති අතර, එහිදී අනාවරණ වුණේ ඇත්ගොව්වා බීමතින් සිට බවයි.

බීමතින් ඇත්ගොව්වා ඇතාට කරදර කිරිම නිසා එම සත්ත්වයා කිපී තිබෙනවා.

රත්නපුර මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසල පෙරහරේ අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කළ පෙරේදා රාත්‍රියේ ද ඇතෙකු කුලප්පු වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදී කාන්තාවක් මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා.