පැය 8ක මෙහෙයුමකින් පාලනය කළ වත්තල කම්හල ගිනිගත් හැටි මෙන්න

Sunday, 18 September 2016 - 17:56

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+8%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
වත්තල - හුණුපිටිය - දිප්පිටිගොඩ ප්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්තශාලාවක අද අලුයම හටගත් ගින්න පැය 8කට පසු පාලනය කෙරුණා.

කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ අලුයම හතරට පමණ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබූ බවයි.

එය පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 6 ක් එම ස්ථානයට පිටත් කර යැවුණා.

පැය 8 කට ආසන්න කාලයක් සිදුකළ ගිනි නිවීමේ මෙහෙයුම්වලින් අනතුරුවයි එය පාලනය කළේ.

මෙම කර්මාන්තශාලාව නිසි ආරක්ෂිත උපක්‍රම භාවිත නොකර, පවත්වාගෙන ගිය බවටද තොරතුරු අනාවරණ වූ බව කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැහැ.