රුසියානු මහ මැතිවරණයෙන් පුටින්ගේ පක්ෂයට ජය

Monday, 19 September 2016 - 8:19

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
රුසියානු පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දැනට ගණනය කර ඇති ඡන්දවලට අනුව  ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහය දක්වන යුනයිටඩ් රෂියා පක්ෂයට ජය හිමිවී තිබෙනවා.  

විදෙස් වාර්තා සඳහන් කළේ දැනට සියයට 50 ක ඡන්ද ප්‍රමාණයක් ගණනය කර ඇති අතර ඉන් සියයට 44.5 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇත්තේ පුටින් සහය දක්වන පක්ෂයට බවයි.

මෙය විශාල ජයග්‍රහණයක් ලෙස සළකන බවයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.