නිව්යෝක් ප්‍රහාරයට පස්දෙනෙකු අත්අඩංගුවට

Monday, 19 September 2016 - 12:49

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඇමරිකාවේ - නිව්යෝක් හි සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට එෆ්.බී.අයි. ආයතනය මගින් අදාළ සැකකරුවන් බෲක්ලින් සහ ටැසන් දූපත යා කෙරෙන පාලම ආසන්නයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නිව්යෝක් අගනුවර මැන්හැට්න් හි සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලැබුවා.

පිපිරීම කවුරුන් විසින් සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ පුපුරා ගිය බෝම්බය තියුණු යකඩ කැබලි පිරවූ පීඩන උඳුනක් භාවිතයෙන් සකස් කළ එකක් බවත්, ඊට යාබදව හමුවූ අනෙක් සැකකටයුතු පාර්සලයද ඒ ආකාරයෙන්ම සැකසූ බෝම්බයක් බවත් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

2013 වසරේදී බොස්ටන් මැරතන් තරඟය ඉලක්ක කරගනිමින් පුපුරා හැරි බෝම්බයද ඒ ආකාරයෙන් පීඩන උඳුනක් භාවිතයෙන් සැකසූ එකක් බවයි පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ නිව්යෝක් නගරයේ ආරක්ෂාව සඳහා දහසක අමතර භට පිරිස් යොදවා ඇති බවයි.