නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුගේ වාහන එකිනෙක ගැටේ

Monday, 19 September 2016 - 13:03

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
කොළඹ - කැප්පෙටිපොල මාවතේ පොලිස් නිල නිවාස ආසන්නයේදී නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී තිබෙනවා.

ඊයේ සිදුවූ මෙම අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර මෝටර් රථවලට අලාභහානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහට අයත් මෝටර් රථ මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදි ඔවුන් එම රථවල රැඳී නොසිටි බවයි වාර්තාවන්නේ.