හාලිඇල පාසලක ගින්නකින් සේවකයෙකු ජීවිතක්ෂයට

Monday, 19 September 2016 - 14:55

%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%87%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
හාලිඇල - ඌව විද්‍යා විද්‍යාලයේ ගොඩනැගිල්ලක අද උදෑසන ඇති වූ ගින්නකින් පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ එම විදුහලේ අනධ්‍යයන සේවකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පාසලේ ගබඩා කාමරයක් තුළ මෙම ගින්න හට ගෙන ඇත්තේ වැද්දුම් යන්ත්‍රයකින් සිදුවූ කාන්දුවක් නිසා බව සඳහන්.

මෙහිදී වැද්දුම් කරමින් සිටි පුද්ගලයා ගින්න ඇති වූ ගබඩා කාමරයෙන් වහා ඉවත්වී ඇති නමුදු, ඔහු සමඟ සිටි අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයා ඉන් බරපතල තුවාල ලබා තිබෙනවා.

පසුව, ගබඩා කාමරයේ දොර කඩා ඉවතට ගත් ඔහු රෝහල් ගත කිරීමට පියවර ගැණුනා.

නමුත්, අද පස්වරුවේ බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි බදුල්ල පොලිසිය සඳහන් කළේ.

බදුල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇති අතර ගොඩනැගිල්ලට සහ දැව භාණ්ඩවලට ද හානි සිදුව තිබෙනවා.