වතු කම්කරු සාමූහික ගිවිසුමට මේ සතියේ අත්සන් තැබෙන ලකුණු

Monday, 19 September 2016 - 18:13

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%96%E0%B7%84%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දමන සාමූහික ගිවිසුම මෙම සතියේදී අත්සන් කිරීමට හැකි වනු ඇතැයි ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් ප්‍රකාශ කළා.

වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිතිය අතර වසර දෙකකට වරක් අත්සන් කෙරෙන ගිවිසුමේ කාලසීමාව පසුගිය අප්‍රේල් මාසයේදී අවසන් වුණා.

එහෙත් නව ගිවිසුමට මෙතෙක් අත්සන් තැබීම ප්‍රමාද වී ඇත්තේ දෙපාර්ශවය එකඟතාවයකට නොපැමිණීම හේතුවෙන්.

කෙසේ වෙතත්, පැවති සාකච්ඡාවලදී දැනට වතු කම්කරුවෙකුගේ රුපියල් 450ක මූලික වැටුප රුපියල් 500 දක්වා ඉහළ දැමීමටත් සෙසු දීමනා සමඟ රුපියල් 675ක වැටුපක් ලබාදීමටත් වතු හාම්පුතුන්ගේ සංගමය එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

මූලික වැටුපට අමතරව ලබාදෙන රුපියල් 175 දීමනාව ලබා ගැනීමට වතු කම්කරුවන් හට මාසිකව ලබාදෙන වැඩ, දින ගණනට අනුව සියයට 75ක සේවයට පැමිණීමක් තිබිය යුතු බවත්, දිනකට අමු තේ දළු කිලෝ 16ක්, 18ත් අතර ප්‍රමාණයක් නෙලිය යුතු බවටත් වතු සංගම් ඒකාබද්ධ වෘත්තීය සමිති වෙත යෝජනා කර ඇති බව සදහන්.

එම වැටුප ලබන මස ගෙවීමටත්, හිඟ වැටුප් නොගෙවීමටත්, වතු සමාගම් යෝජනා කර තිබෙනවා.

හිඟ වැටුප් නොලැබීමේ යෝජනාවට වෘත්තීය සමිති එකඟතාවය පළ කර නැහැ.