නුවන් කුලසේකර අත්අඩංගුවට පත් වූ කඩවත මාරාන්තික අනතුර - නුවන් කුලසේකරට ඇප (ඡායාරූප)

Tuesday, 20 September 2016 - 6:56

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%AD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුුලසේකර පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

ඔහු ඊයේ රාත්‍රියේ මහර - කඩවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාල් ජයතුංග නියෝග කර ඇත්තේ සැකකරු පොලිස් ඇප මත මුදා හැරීමටයි.

කඩවත - රන්මුතුගල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ මෙම රිය අනතුරෙන් 28 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ, නුවන් කුලසේකර පදවාගෙන ආ මෝටර් රථයේ ගැටීමෙන්. පසුව කඩවත පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.