උදුල්ට පහර දුන් 6ක් අත්අඩංගුවට

Tuesday, 20 September 2016 - 8:02

%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්නට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ නාවික හමුදා සෙබලුන් 6 දෙනෙකු වැල්ලවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔවුන් ඊයේ පොලීසියට භාර වීමෙන් අනතුරුවයි.

2014 වසරේ පෙබරවාරි 25 වන දා මෙම පහරදීම සිදුවී තිබුණා.

 අත්අඩංගුවට ගත් සෙබලූන් අතර දැනට නාවික හමුදාවේ සිටින සෙබලුන් 5 දෙනෙකු ද අයත්.

ඔවුන් අද අලුත්කඩේ අංක තුන දරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.