නිව්යෝක් බෝම්බ ප්‍රහාරයේ ත්‍රස්තවාදියා අවි ගැටුමකින් පසු අත්අඩංගුවට

Tuesday, 20 September 2016 - 8:11

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසි වාරය ආරම්භවීමට ආසන්නයේදී ඇමරිකාවේ නිව්යෝක් නුවර සහ නිව්ජර්සි හිදී බෝම්බ පිපිරවීම් සිදුකළ ත්‍රස්තවාදී සැකකරු වෙඩි හුවමාරුවකින් පසු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ උපත ලබා ඇමරිකාවේ පදිංචි පවුලක 28 හැවිරිදි තරුණයෙකු වන අහමඩ් ඛාන් රහාමි නැමැත්තායි නිව්ජර්සි හිදී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.

මත්පැන් අවන්හලක ආලින්දයේ නිදා සිටි මොහු පිළිබඳව පොලීසිය දැනුම්වත් කර ඇත්තේ අවන්හල් හිමියා විසින්.

බෝම්බ පිපිරීම්වල සැකකරු රහාමි බව ඇමරිකානු එෆ්.බී.අයි. ඔත්තු සේවාව ඊයේ අනාවරණ කරගෙන තිබුණා.

අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලීසියට වෙඩි තබා ඇති අතර, එහිදී පොලිස් භටයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

පසුව සැකකරු මෙල්ල කරගෙන ඇත්තේ ඔහුට වෙඩි තැබීමෙන්.

අහමඩ් ඛාන් රහාමි ගිලන් රථයකින් රෝහල් ගත කරන අයුරු ඇමරිකානු මාධ්‍ය මගින් ඊයේ සජීවි ලෙස විකාශය කෙරුණා.