ඉන්දියාවේ බස් රථයක් ජලාශයකට පෙරළී 35ක් මරුට (ඡායාරූප)

Tuesday, 20 September 2016 - 9:10

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+35%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මදුබානි ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් බස් රථයක් අසළ වූ ජලාශයකට පෙරළීමෙන් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනතුර සිදුවන විට බස් රථයේ මගීන් 65 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, ඇතැමුන් පිහිනා දිවි ගලවා ගත් බව සදහන්.

අනතුරට ලක්වූ බස් රථය ජලාශයෙන් ඉවතට ගැනීම සඳහා දොඹකර රැගෙන ඒම පමා වීමෙන් උදහසට පත් ප්‍රදේශවාසීන් පොලීසියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.