නිධන් හැරූ 6 දෙනෙක් නාගොඩදී අත්අඩංගුවට (ඡායාරූප)

Tuesday, 20 September 2016 - 9:44

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%96+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නාගොඩ - ගෝනගොඩ - කිතුල්දූව දේවාලේ ගෙදර ඉඩමේ අනවසරයෙන් නිධන් හාරමින් සිටි සැකකරුවන් 6 දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සමඟ ගල් ඉනි, උදලු, තාච්චි, කුළු ගෙඩියක් සහ පුවක්මලක් ඇතුළු නිධන් හැරීම සඳහා උපයෝගී කර ගන්නා භාණ්ඩ රැසක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.  

නාගොඩ, කහතුඩුව, අතුරුගිරිය, මිරිහාන, නවගමුව, පිටිගල සහ මාතර පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් අද දින බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.



ඡායාරූප - හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්