සිරියානු ආධාර රථ පෙළකට ගුවන් ප්‍රහාරයක්

Tuesday, 20 September 2016 - 9:49

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිරියාවේ කැරළිකරුවන් අත පවතින ඇලෙප්පෝ නගරය වෙත ආධාර රැගෙන යමින් තිබූ ට්‍රක් රථ පෙළකට ඊයේ ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

උර්ම් - අල් - කුබ්රා නගරය අසළ දී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව නිළ නොවන වාර්තා සදහන් කළා.

එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ට්‍රක් රථ 31කින් 18කටම ප්‍රහාරයකින් හානි සිදුවී ඇති බවයි.

එහෙත් එය ගුවන් ප්‍රහාරයක් ද යන්න ජගත් සංවිධානය සනාථ කර නැහැ.

මෙම ප්‍රහාරය වාර්තා වී ඇත්තේ සටන් විරාමය අවසන් වූ බව සිරියානු හමුදා ප්‍රකාශයට පත් කර පැය කිහිපයකින් අනතුරුවයි.