සජින් ද වාස් ගුණවර්ධනට ඇප

Tuesday, 20 September 2016 - 11:13

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
මිහින් ලංකා සමාගමට අලාභ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අද ඇප මත මුදා හැරුණා.

ඒ, අල්ලස් හෝ ෂණ විමර්ශන කොමිසම ඔහුට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැදවූ අවස්ථාවේදියි.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ සැකකාර හිටපු මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමටයි.

සජින් ද වාස් ගුණවර්ධන මිහින්ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ එම සමාගමට රුපියල් මිලියන 883 ක් පාඩු කිරීමේ චෝදනාවට ඔහුට එරෙහිව අල්ලස් කොමිසම පසුගිය මස 16 වන දා මෙම නඩුව පවරනු ලැබුවා.

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනාව මත ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.