උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් වෙයි - මෙවර කඩඉම් ලකුණු සරසවි මට්ටමින් - ලියාපදිංචිය අන්තර්ජාලයෙන් පමණයි

Tuesday, 20 September 2016 - 13:57

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%9A%E0%B6%A9%E0%B6%89%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A9%E0%B6%89%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
මේ වසරේදී රජයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා සිසුන් 27603 දෙනෙකු ඇතුලත් කර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා පවසනවා.

පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාල කඩඉම් ලකුණු නිකුත් කිරීම වෙනුවෙන් එම කොමිසමේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයට ලක්ෂ 03කට ආසන්න අයදුම්කරුවන් පිරිසක් පෙනී සිටියා.

ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 68299ක් පමණ ප්‍රතිපාදන කොමිසම වෙත ලැබී තිබුණා.

අද පැවති මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ එම කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ පසුගිය වසරට සාපේක්ෂක මෙවර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා සංඛ්‍යාව සියයට 10ක් ඉහල දමා ඇති බවයි.

මෙවර නව පාඨමාලා කිහිපයක් ද විශ්වවිද්‍යාල සඳහා හදුන්වා දුන් බවයි ඔහු කියා සිටියේ.

එම කඩඉම් ලකුණු 19 19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 011 2 69 53 01 හෝ 02 යන දුරකථන අංක ඇමතීමෙන්ද ලබාගත හැකියි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවර විෂයධාරා සහ අධ්‍යයන පාඨමාලා හතක්ද සිසුන්ට අලූතෙන් හඳුන්වා දී ඇති බවයි.

එසේම මෙවර සරසවි මට්ටමින් මෙම කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා පමණක් සිදුකරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සඳහන් කළේ.