හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක්, මැතිවරණ කොමිසම ඉදිරිපිට විරෝධතාවයක

Tuesday, 20 September 2016 - 14:11

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A
ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් පාලන සංසදයේ නියෝජිතයින් පිරිසක් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම ඉදිරිපිට අද  උදෑසන විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවීමට පැමිණිය ද ඔහු එහි නොසිටීම හේතුවෙන් ඊට විරෝධය පළ කර තිබෙනවා.

මැතිවරණ කොමිසම ඉදිරිපිට පොලිස් මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කර තිබූ අතර ඉන් ඔබ්බට යාමට අවසර හිමි වුණේ නියෝජිතයන් 15 දෙනෙකුට පමණයි.

අනතුරුව ඔවුන් කොමිසම හමුවට ගොස් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස සංදේශයක් ද භාර දෙනු ලැබුවා.

එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ හෙට දිනයේදී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවයි.