ඉඩම මනින්න ගියත් යෝෂිතයි, මිත්තණියයි නෑ

Tuesday, 20 September 2016 - 14:19

%E0%B6%89%E0%B6%A9%E0%B6%B8+%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%91
යෝෂිත රාජපක්ෂට අයත් දෙහිවල - මිහිදු මාවතේ පිහිටි රුපියල් මිලියන 50ක් පමණ වටිනා ඉඩමේ මැනුම් කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ අද දින යෝෂිත රාජපක්ෂ හෝ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් ඇතුළු විත්ති පාර්ශවයේ කිසිවෙකු නොපැමිණි බව වාර්තා වනවා.

අධිකරණ නියෝගයක් මත අදාළ ඉඩමෙහි මැනුම් කටයුතු අධීක්ෂණය සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් අද උදෑසන 10ට පමණ එම ස්ථානයට පැමිණියා.

අදාළ ගැටළුකාරී ඉඩමෙහි මැනුම් සිදුකරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය පසුගිය 15 වන දා නියෝග කළ අතර, ඒ සඳහා අවශ්‍ය ලිපිලේඛන රැගෙන එන ලෙස මහේස්ත්‍රාත්වරිය යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඬේසි ෆොරස්ට්ට නියෝග කරනු ලැබුවා.

මැනුම් කටයුතු සිදුකිරීම සඳහා මිනුම්දෝරු දෙපාර්මේන්තුවේ සහ මිනුම්දෝරු අධිකාරියේ නිලධාරීන් 6 දෙනෙකු ද අදාළ ඉඩම වෙත පැමිණ තිබෙනවා.

කෙසේ නමුත්, පැය දෙකක පමණ කාලයක් බලා සිටි නමුදු විත්ති පාර්ශවයේ කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් ඒ පිලිබදව අධිකරණයට වාර්තා කරන බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

අධිකරණ නියෝගයක් කඩ කිරීම පිළිබඳව මෙලෙස අධිකරණය වෙත වාර්තා කරන බවත්, එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.