ලෝක නායකයන් හමුවන්න ට්‍රම්ප් සහ හිලරි අතර තරඟයක්

Tuesday, 20 September 2016 - 14:27

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නිව්යෝක් නුවර පැවැත්වෙන ජගත් සංවිධාන මහ මණ්ඩල සමුළුවට සහභාගිවීම සඳහා පැමිණ සිටින ලෝක නායකයන් මුණ ගැසීමට මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙපළ යුහුසුළුව සිටින බව විදෙස් වාර්තා සදහන් කළා.

ජනාධිපති බැරක් ඔබාමා යටතේ සිව් වසරක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරය හෙඹවූ හිලරි ක්ලින්ටන්ට එය සාමාන්‍ය අත්දැකීමක් වුවත්, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එය නවමු අත්දැකීමක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඊයේ දිනයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසී මුණ ගැසුණා.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ද, හිලරි ක්ලින්ටන් ඊජිප්තු ජනාධිපතිවරයා හමුවූ මැන්හැට්න් හෝටලයේදීම ඔහු හමුවී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ මතභේදයට තුඩු දුන් මාතෘකාවක් වී ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, බැරක් ඔබාමාට වඩා ශක්තිමත් ලෝක නායකයෙකු ලෙස ඔහු හැදින්වීම හේතුවෙන්.