ජගත් මහ සමුළුව අරඹන්න සියල්ල සූදානම්

Tuesday, 20 September 2016 - 18:06

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහ මණ්ඩල සැසිවාරය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුලූ ලෝක නායකයින් 140 කට වැඩි සංඛ්‍යාවක් සහභාගිවන අතර, මෙවර සැසිවාරයේ තේමාව වනුයේ තිරසාර සංවර්ධන ඉලක්ක - ගෝලීය වෙනසක් සඳහා විශ්වීය පෙළඹුමක් යන්නයි.

සරණාගත ගැටළුව, මැදපෙරදිග සාමය, දුප්පත්කම, ලෙඩ රෝග සහ සාගින්න දුරලීම මෙන්ම න්‍යෂ්ටික අවි තර්ජනය පිළිබඳවද මෙවර සැසිවාරයේදී විශේෂයෙන් සාකච්ඡාවට ලක්වනු ඇති.

ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ජගත් සංවිධානයේ වත්මන් මහ ලේකම් බෑන් කී මූන්ගේ අවසන් මහ මණ්ඩල සැසිය මෙය වීමද විශේෂත්වයක්.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සැසිවාරය අමතන දෙවන අවස්ථාවද මෙයයි.

මේ අතර ජගත් සංවිධාන මහ මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ක්ලින්ටන් ගෝලීය සංසදයේ වාර්ෂික හමුවටද එක්වුණා.

ඒ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙසයි.

පසුගිය සෙනසුරාදා නිව්යෝක් නගරයේ සිදුවූ පිපිරීම හේතුවෙන් රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මූලස්ථානය සහ ඒ අවට ප්‍රදේශවලට දැඩි ආරක්ෂාවක්ද මේ වනවිට යොදවා තිබෙනවා.