රජයේ වෛද්‍යවරුන්ට, අභියෝගයට අභියෝගයක්

Tuesday, 20 September 2016 - 18:14

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නියමිත ක්‍රමවේදයෙන් බැහැරව පාසල්වලට දරුවන් ඇතුළත් කර නොමැති බැවින් ඒ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එල්ල කරන අභියෝගවලට තමන්ද අභියෝග කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.

ඒ, අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්.

මේ අතර පුස්සැල්ලාව පොලිස් ස්ථානයේදී තරුණයෙකු ගෙළ වැළලාගෙන සියදිවි නසා ගැනීමේ සිද්ධිය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කළා.

ඊට අදාළව නිසි පියවර ගෙන ඇති බවයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කළේ.