ජගත් සංවිධානයේ 71 වන මහ මණ්ඩල සැසිවාරය ඇරඹෙයි

Tuesday, 20 September 2016 - 21:56

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+71+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහ මණ්ඩල සැසිවාරය අද ආරම්භ වුණා.

ලොව පුරා රටවල් 193 ක් සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව විශාලතම සංවිධානයයි.

එහි 71 වන මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වනුයේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීම උදෙසා වූ විශ්වීය පෙළඹුමක්‘ යන්නයි.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ නිව්යෝර්ක් නගරයේ සිදුවූ පිපිරීම හේතුවෙන් රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මුලස්ථානය සහ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දැකගත හැකිවුණා.

ප්‍රධාන තේමාවට අමතරව ලොව පුරා රාජ්‍යයන් රැසක් මුහුණ දී සිටින සරණාගතයින් සහ සංක්‍රමණකයින් පිළිබඳ ගැටලුව ද මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සහභාගී වන අවසන් මහා මණ්ඩල සැසිවාරය මෙය වීම ද විශේෂත්වයක්.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකානු වේලාවෙන් හෙට සවස 3.45 ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71 වන සැසිවාරය ඇමතීමට නියමිතයි.

මේ අතර, නිව්යෝර්ක් ෂෙරිටන් හෝටලයේ ඊයේ ආරම්භ වු ක්ලින්ටන් ගෝලීය සංසදයේ 2016 වාර්ෂික හමුවේ සමාරම්භක සැසියට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වුණා.

තිරසාර සංවර්ධනය සඳහා කාන්තාවන් බල ගැන්වීමේ මෙහෙයුම යටතේ පැවැති සමාරම්භක සැසිය සඳහා රටවල් 12 ක රාජ්‍ය නායකයින් එක්ව සිටියා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සමාරම්භක සැසියේදී ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා ගෝලීය එකමුතුව වර්ධනය සදහා ශ්‍රී ලංකාවෙන් ලැබෙන දායකත්වය ඇගයීමට ලක්කළ බවයි.