ෆොන්සේකාගේ අමාත්‍යාංශයට කෝටි 59ක් අනුමතයි

Wednesday, 21 September 2016 - 7:33

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+59%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ෆීල්ඩ් මාර්ෂල්, සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරය දරණ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් පනස් නව කෝටි විසි නව ලක්ෂ විසිපන්දහසක් ඉල්ලා ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවේදී ඊයේ අනුමැතිය හිමි වුණා.

මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා අමාත්‍යාංශයේ කටයුතු පවත්වාගෙන යාම සඳහායි අදාළ මුදල ඉල්ලා ඇත්තේ.

අමාත්‍යවරුන් වන රවී කරුණානායක, සරත් අමුණුගම, මහින්ද අමරවීර මෙන්ම මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ පද්මඋදය ශාන්ත ගුණසේකර ද මීට අදාළ  විවාදයට එක්වෙමින් අදහස් පළ කළා.