තවත් සංක්‍රමණිකයින් තුන්ලක්ෂයකට ඇමරිකාවට ඇතුළුවීමට අවසර

Wednesday, 21 September 2016 - 7:47

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
තවත් සංක්‍රමණිකයන් තුන්ලක්ෂයකට, ඇමරිකාවට ඇතුළුවීමට ඉඩ ලබාදෙන බව ජනාධිපති බැරක් ඔබාමා පවසනවා.

ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසි වාරය අමතමින් ඔහු කියා සිටියේ ලොව විවිධ රටවල ත්‍රස්තවාදී අර්බුද හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට පිහිට වීම අන්තර් ජාතික ප්‍රජාවගේ වගකීමක් බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ආරම්භවීමට දින කිහිපයකට පෙර නිව්යෝක් සහ නිව්ජර්සි නගරවල සිදුවූ පිපිරීම්වලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ඇෆ්ගනිස්ථානු සංක්‍රමණිකයෙක්.