වල්ලපට්ටා සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

Wednesday, 21 September 2016 - 7:53

%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා සහ කොකුම් පොතු තොගයක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙක් ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු හොංකොං බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේදී සැකකරුගේ ගමන් මළුවල තිබී වල්ලපට්ටා සහ කොකුම් පොතු කිලෝග්‍රෑම් 60ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද අලුයම 12.30ට පමණයි.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක් වන අතර, සැකකරු රුපියල් 20,000ක දඩයක් මත මුදා හරිනු ලැබුවා.