සිරියානු සහනාධාර රථ පෙළට එල්ල වූ ප්‍රහාරය ගැන ඇමරිකාවෙන් රුසියාවට චෝදනා

Wednesday, 21 September 2016 - 10:46

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
සිරියාවේදී ඇලෙප්පෝ නගරය ආසන්නයේදී සහන රැගත් රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයේ වගකීම රුසියාව භාර ගත යුතු බව ඇමරිකාව ප්‍රකාශ කර තිබෙනවා.

සිරියාවේ රතු කුරුස සේවකයින් විසින් රැගෙන යමින් තිබූ මෙම සහනාධාර රථ පෙළට පෙරේදා ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර එමගින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඇමරිකාව චෝදනා කළේ මෙම ප්‍රහාරයට රුසියාව සම්බන්ධ බවයි.

එහෙත් රුසියාව එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම රථ පෙළට එල්ල වූයේ ගොඩබිම් ප්‍රහාරයක් මිස ගුවන් ප්‍රහාරයක් නොවන බවයි.