ශ්‍රී ලංකාවේ පරිවර්තනයට ඔබාමාගෙන් සුබ පැතුම්

Wednesday, 21 September 2016 - 12:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින පරිවර්තනය ලෝකයටම ආදර්ශයක් බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ නිව්යෝක් නුවරදී ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවූ අවස්ථාවේදීයි.

මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බවයි.

නිව්යෝක් නුවර සිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දුරකථන සංවාදයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය සෙබලුන් ජීවිතක්ෂයට පත්කරමින් කාශ්මීර දේශසීමාවේදී සිදුවූ ප්‍රහාරය පිළිබඳව ලක් රජයේ කණගාටුව පළ කර තිබෙනවා.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (21) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතයි.

එහිදී තමන් මත් උවදුර පිළිබඳ ජගත් නායකයන්ගේ අවධානය යොමු කරවීමට අපේක්ෂා කරන බව නිව්යෝක් නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියා.