මත් උවදුර දුරලන්න යෝජනා ඉදිරිපත් කරමින් ජනපති අද ජගත් මහ සමුළුව අමතයි

Wednesday, 21 September 2016 - 18:14

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරය අද අමතනවා.

එසේම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ඇතුළත් විශේෂ වැඩපිළිවෙලක් පිළිබඳ යෝජනාවක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගිවූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් ඊයේ විශේෂ දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වනු ලැබුවා.

එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුලූ රාජ්‍ය නායකයින් එක්ව සිටි අතර, මෙහිදී ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ජනාධිපතිවරයා වෙත සඳහන්කර ඇත්තේ මෙරට සිදුවෙමින් පවතින පරිවර්තනය ලෝකයටම ආදර්ශයක් වන බවයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට කටයුතු කරන බවද එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් සහ එම සංවිධානයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුද මුණගැසී තිබෙනවා.