මාවනැල්ලේ පාසලක් දරුවන්ගේ බෙල්ලේ වැරදි කාඩ් එල්ලයි

Wednesday, 21 September 2016 - 18:30

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
දරුවන් සිදුකරන වැරදි සටහන් කිරීමට ඔවුන්ගේ ගෙළෙහි කාඩ්පතක් එල්ලා ඇති පාසලක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අද තොරතුරු වාර්තාවුණා.

මාවනැල්ල අධ්‍යාපන කලාපයේ හෙම්මාතගම ප්‍රදේශයේ විද්‍යාලයකයි මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ.

ඒ අනුව කොටු 100 ක් සහිත කාඞ්පතක් පාසලේ පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා දරුවන්ගේ ගෙළෙහි එල්ලා ඇති අතර, ඔවුන් යම් වරදක් සිදු කළහොත් ඉන් එක් කොටුවක් කපා දැමෙනවා.

ඇතැම් දරුවන්ගේ එම කාඞ්පතෙහි කොටු ගණනාවක් කපා දමා ඇති බව එහි ගිය අප වාර්තාකරු නිරීක්ෂණය කළා.

මේ පිලිබඳව ඔහු පාසලේ ගුරුවරුන්ගෙන්ද කරුණු විමසූ අතර, ගුරු පුහුණුවකදී ඉගැන්වූ විනය රැකගන්නා ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ලෙස මෙම කටයුත්ත ක්‍රියාත්මක බව එහිදී ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

පාසලේ ඉගෙනුම ලබන දරුවෙකුගේ පියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම කාඩ්පත හේතුවෙන් දරුවන් දැඩි මානසික  පීඩාවට ලක්ව ඇති බවයි.

කුඩා දරුවන්ට වරදින් මුදාගැනීමට මෙවැනි ක්‍රමවේද භාවිත කිරීම පිළිබඳව අප ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය මහාචාර්ය එම්.ඩබ්ලිව්. ජයසුන්දරගෙන් ද විමසීමක් කළා.

ඔහු කියා සිටියේ දරුවන්ට විනය ඉගැන්වීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම උචිත නොවන බවයි.

වැරදි කියාදීම මිස මෙවැනි ක්‍රමවේද අනුමත කළ නොහැකි බව ද ඔහු සඳහන් කළා.