යළි යුද්ධයකට ඉඩක් නැහැ - ජනපති ජගත් සමුළුවේදී කියයි

Thursday, 22 September 2016 - 7:10

%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ස්වදේශවාදී චින්තනය මුල් කරගත් අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ලෝක රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුකළා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලූයම මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ  ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම තම අරමුණ බවයි.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරමින් ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කිරීමට නව රජය කැපවී සිටින බවයි ඔහු මෙහිදී අවධාරණය කළේ.  

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජගත් මහ සමුළුව හමුවේ වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකාව තුළ යළි කිසිදු දිනක යුද්ධයක් ඇති නොවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි.

මිහිතලය ආරක්ෂා කරගැනීම සඳහා ලොව සියලූම රටවල් අනුගමනය  කළ යුතු ක්‍රම හා විධි සහිත ඓතිහාසික ලියවිල්ලක් වූ පැරිස් සම්මුතිය ශ්‍රී ලංකාව තුළ තහවුරු කළ බවට වූ වාර්තාව ජනාධිපතිවරයා ඊයේ ජගත් සංවිධාන මහ ලේකම්වරයා වෙත පිළිගන්වනු ලැබුවා.

මේ අතර ශ්‍රී ලංකාව වර්තමානයේ ප්‍රවේශ වී ඇති නිවැරදි මාර්ගය පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා.

ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදීමට ඇමරිකාව සූදානම් බවයි.

ජගත් සංවිධාන මහා මණ්ඩල සැසිවාරය අතරතුර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතර හමුව ඊයේ පස්වරුවේ නිව්යෝක් නුවරදී පැවැත්වුණා.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය  උදෙසා තම රජය කැපවී සිටින බවයි.

සංහිඳියා වැඩපිළිවෙල උදෙසා දකුණේ ඇතැම් අන්තවාදී පිරිස් අකුල් හෙළුවද රජය අධිෂ්ඨානශීලීව සංහිදියා අරමුණු ජයගැනීමට කැපවී සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.