ජනතාව ණය බරක සිරවෙලා - ජ.වි.පෙ.

Thursday, 22 September 2016 - 7:30

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.
පාලකයින් ණය බරක් රටට ඉතිරි කළා සේම, ජනතාවද ණය බරක සිර වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

‘‘කතිරේ ගහපු මිනිස්සු පාලකයෝ හදලා, ගෙවල් හදලා, වාහන දීලා, පඩි ගෙවලා, දුරකතන අරන් දීලා. ඒ මිනිස්සු ණයට ගෙවල් හදනවා.
ඒ මිනිස්සු ණයට වාහන ගේනවා.
ඉතිං අරුම පුදුම රටක් ඉතිං හැදිලා තියෙනවා.
ඔන්න  ඕකට පාලකයෝ නම් දානවා, එක කාලෙක ඒ වගේ පාලන යුගයකට කියනවා ධාර්මිෂ්ඨ සමාජයක් කියලා.
තව කාලෙක කියනවා සුබ අනාගතයක් කියලා.
වර්තමානයේ කියන්නේ යහපාලනේ කියලා මේ ක්‍රමේට.
දැන් අපේ රට සංවර්ධනය වෙලාද ?
දැන් මේ මට ළඟදී එක මහත්තයෙක් හම්බෙලා අහනවා, අපේ රටේ සෑහෙන්න වාහන තියෙනවනේ මහත්තයෝ අපේ රටේ ජනතාවට.
මං කිව්වා ඔව් තියනවා.
මං ඒ මහත්තයාගෙන් ඇහුවා ඇත්තටම මිනිස්සුන්ටද වාහන තියෙන්නේ කියලා.
එයා කියනවා ඔව්.....ඔව්.....අපේ මිනිස්සුන්ට සෑහෙන්න වාහන තියෙනවා, දියුණු වෙලා.
මං කිව්වා නෑ....අපේ රටේ මිනිස්සුන්ට වාහන අයිති නෑ.
කාටද දන්නවද මේ රටේ වැඩියෙන්ම වාහන තියෙන්නේ.
වැඩියෙන්ම වාහන අයිති ලීසිං කොම්පැනිවලට, ෆිනෑන්ස් කොම්පැණිවලට.
ඔය හදපු ගෙවල් වැඩියෙන්ම කාටද දන්නවද අයිති ? ඒවා වැඩියෙන්ම අයිති බැංකුවලට.
ඇයි දන්නවද, ඔප්පුව තියෙන්නේ බැංකුවේ. රට ණය කරපු පාලකයෝ වගේම, අපි අද ණයකාරයෝ බවට පත්වෙලා තියෙනවා.’’