කළු ජාතිකයෙකුට වෙඩි තැබීමත් සමඟ ඇමරිකාවේ යළි විරෝධතා

Thursday, 22 September 2016 - 7:38

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
කළු ජාතිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟ ඇමරිකාවේ යළිත් විරෝධතා ආරම්භ වී තිබෙනවා.

උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ ඊයේ සිදුවූ පොලිස් වෙඩි තැබීමකින් කළු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගියේ කීත් ලැමන් ස්කොට් නැමති කළු ජාතිකයෙක්.

මොහු මහල් නිවාස සංකීර්ණයක වාහන අංගනයක සිටියදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබුණා.

පොලීසිය සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා ගිනි අවියක් සමඟ මෝටර් රථයෙන් පළායාමට උත්සාහ කිරීම හේතුවෙන් වෙඩි තැබූ බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමඟ යළිත් වරක් ඇමරිකාවේ කැරොලයිනා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදීද පොලීසිය කළු ජාතිකයන් වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, ඒ හේතුවෙන් විරෝධතා ව්‍යාපාරද ක්‍රියාත්මක වුණා.