මුදලක්කුලිය වැවේ වැලි ජාවාරම හෙළි කළ ගොවීන්ට පහර දෙයි

Thursday, 22 September 2016 - 8:00

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආනමඩුව - මුදලක්කුලිය වැවේ වැලි ජාවාරම හෙළි කළ ගොවි සංවිධාන නියෝජිතයන්ට කිසියම් පිරිසක් පහර දී තිබෙනවා.

පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ එක් පුද්ගලයෙක් මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ ආනමඩුව දිසා රෝහලේයි.

ආනමඩුව - මුදලක්කුලිය වැව ප්‍රතිසංස්කරණය කිරීම සදහා වයඹ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මුදලක්කුලිය එකමුතු ගොවි සංවිධානය සමග ගිවිසුම්ගත වන්නේ 2016 මැයි මස 10 වැනිදායි.

එහෙත් කොන්ත්‍රාත්තුවට අත්සන් කළ ගොවි සංවිධානයේ නිලධාරියෙකු හෙළි කළේ මෙම කොන්ත්‍රාත්තුවට නාමිකව අත්සන් කලද ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත එම කොන්ත්‍රාත්තුව වෙනත් පුද්ගලයෙකුට ලබාදීමට සිදුවූ බවයි.

කොන්ත්‍රාත්තුව භාරගත් පුද්ගලයා වැව සෑදීම පසෙක තබා මහා පරිමාණයෙන් වැවේ වැලි ජාවාරමක නිරත වූ අයුරු පසුගිය 18 වැනිදා අප පෙන්වා දුන්නා.

මෙම වැලි ජාවාරම හෙළි කිරීමත් සමග ඉන් උරණ වූ පිරිසක් ගොවි සංවිධාන නියෝජිතයන්ට පහර දී තිබෙනවා.