Update : රමිත රඹුක්වැල්ලට පොලිස් ඇප

Thursday, 22 September 2016 - 8:23

Update+%3A+%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4
අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

අද අලුයම 6.30 ට පමණ කොළඹ -නිදහස් මාවතේදී මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ බීමතින් රිය පැදවීමේ චෝදනාවකටයි.   

රමිත් රඹුක්වැල්ල පැදවූ මෝටර් රථය  වේගය පාලනය කරගත නොහැකිව ගසක ගැටීමෙන් එම රථයට හානි සිදුව තිබෙනවා.

අද පෙරවරුවේ මොහු වෛද්‍ය පරීක්ෂණයකටද යොමු කර තිබුණා.



Update : Thursday, September 22, 2016 : 11.59
.....................................................................................................................................


කොළඹ නිදහස් මාවතේදී අද උදෑසන සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුඳුවත්ත පොලිිසිය සදහන් කළේ වේගය පාලනය කර ගත නොහැකිව ඔහු පැදවූ රථය නිදහස් මාවතේ පිහිටි ගසක ගැටී ඇති බවයි.

සිද්ධිය වන අවස්ථාවේදී ඔහු බීමතින් සිටීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළා.