ගින්නකින් මහනුවර වෙළඳසැල් කිහිපයකට හානි

Thursday, 22 September 2016 - 9:11

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
මහනුවර - විද්‍යාර්ථ විද්‍යාලය අසල පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැළක  ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගින්න හේතුවෙන් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

ගින්නෙන් ඊට යාබදව පිහිටි තවත් අලෙවි සැල් දෙකකටද හානි සිදුවී ඇති අතර, මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන රථයක් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.