බඹර ප්‍රහාරයකින් පාසල් සිසුන් 20 දෙනෙකු රෝහලේ

Thursday, 22 September 2016 - 10:27

%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
හැටන් - නෝවුඞ් - එල්බොඩ දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 20 දෙනෙකුට අද උදෑසන බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ බඹර ප්‍රහාරය එල්ලවූ සිසුන් දික්ඔය රෝහලට ඇතුළත් කළ බවයි.

පාසල අසළ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් මෙලෙස ඇවිස්සී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දික්ඔය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලට ඇතුළත් කළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.