ලසන්තගේ ඝාතනයට අත්අඩංගුවට ගත්හමුදා සැරයන් යළි රිමාන්ඩ්

Thursday, 22 September 2016 - 13:09

%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුනු යුධ හමුදා බුද්ධි අංශ සැරයන්වරයා මේ මස 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු අද පෙරවරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මෝටර් රථයක ගමන් කරමින් සිටියදී අත්තිඩිය අධි ආරක්ෂිත කලාපය තුල ඝාතනයට ලක්වූයේ 2009 වසරේ ජනවාරි මස 08 වැනිදායි.

බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති ලසන්ත වික්‍රමතුංගගේ දේහය  මේ මස 27 වනදා යළි ගොඩගැනීමට අධිකරණය පසුගියදා අවසර ද ලබාදුන්නා.