මහින්දාන්ද අලුත්ගමගේට අදත් ඇප නෑ

Thursday, 22 September 2016 - 13:10

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B1%E0%B7%91
අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේ මස 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

කොළඹ 07 කිංසි පාරේ මන්ත්‍රීවරයාට අයත් නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 270ක මුදලක් උපයාගත් ආකාරය හෙලි නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුව පසුගිය 15 වැනිදා රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත්තා.