ඉන්දියන් සාගරයේ විශාලතම නගර සැලැස්ම ලංකාවේ (ඡායාරූප)

Thursday, 22 September 2016 - 13:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉන්දියන් සාගරයේ විශාලතම නගර ඉදිරියේදී මෙරට තුළ ඉදිකිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ටෙක්නෝසිටි තාක්ෂණ නගරය සඳහා හෝමාගම - පිටිපන ප්‍රදේශයේදී මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමට නම් නව නගර මෙරට තුළ ඉදිකළ යුතු බවයි.

මේ අතර කොළඹ ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව සඳහාද අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ එක්වුණා.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ නාවික, ගුවන්, සන්නිවේදන ඇතුළු ක්ෂේත්‍රවල කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බවයි.