ජපානයෙන් ලාංකිකයන් 30 ක් පිටුවහල් කරයි

Thursday, 22 September 2016 - 14:40

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+30+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නීති විරෝධීව ජපානයේ රැඳී සිටීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන පිටුවහල් කල ලාංකියන් 30 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

අද පස්වරුවේ ජපානයේ සිට පැමිණි විශේෂ ගුවන්යානයකින් මෙම පිරිස දිවයිනට රැගෙන ආ බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කලේ.

මෙම ලාංකිකයන් 30 දෙනා සමග ජපාන ආරක්ෂක අංශ සාමාජිකයන් 67 දෙනෙකු ද පැමිණ තිබෙනවා.

නීති විරෝධීව ජපානයේ රැඳී සිටි ලාංකිකයන් 30 දෙනා මෙරට බලධාරීන්ට භාරදීමට කටයුතු කෙරෙමින් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කලේ.