ස්වදේශීකවාදී දැක්මකින් රට ගොඩනැගීමයි අරමුණ - ජනපති ජගත් සමුළුවේදී කියයි

Thursday, 22 September 2016 - 18:05

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ස්වදේශිකවාදී දැක්මක් තුළින් රට ගොඩනැගීම අරමුණු කර ගනිමින් ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල  සැසිවාරය ඊයේ (21) අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

මේ අතර, සැසිවාරය ඇමතීමෙන් අනතුරුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් හමුවුණා.

එමෙන්ම, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ ජනාධිපතිවරයා අතර, හමුවක් ද එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ (21) සිදුවුණා.