රේගු නිලධාරින් සහ මුදල් ඇමති අතර, තීරණාත්මක සාකච්ඡාවක්

Thursday, 22 September 2016 - 18:12

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%2C+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
යෝජිත රේගු පනතට විරෝධය පළ කරමින් රේගු වෘත්තීය සමිති දියත් කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (22) දින 04 ක් ගත වනවා.

වර්ජනයේ නිරත රේගු වෘත්තීය සමිති පවසන්නේ තම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා දිනකට රුපියල් බිලයනයක පමණ පාඩුවක් රජයට සිදුවන බවයි.

පසුගිය සඳුඳා ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර, රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් කාර්යක්ෂමව පවත්වා ගැනීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාමික රේගු නිලධාරීන් සේවයට බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය ඊයේ (21) නිවේදනය කළා. ඒ අනුව ඊට අදාළ දැන්වීමක් අද නිකුත් වූ පුවත්පත්වලද පළ කර තිබුණා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ රේගු නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වනවා වෙනුවට රජය වෘත්තීය සමිති මර්දනය කිරීමේ වැඩපිළිවෙලක නිරත වන බවයි.

කෙසේ වෙතත්, ඉහළ ගොස් ඇති බදු ආදායම පිළිබඳව සහ රේගු නිලධාරීන් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න කෙරුණා.

ඊට එක්වෙමින් අදහස් දැක්වු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම කියා සිටියේ රේගු නිලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම ගැටලූව විසඳීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, ලබන 27 වනදා තමන් සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස රේගු වෘත්තීය සමිති වෙත මුදල් අමාත්‍යවරයා ආරාධනා කර තිබෙනවා.

ඊට අදාළ ලිපියක් අද දිනයේ තමන් වෙත ලැබුණු බවයි දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඒකාබද්ධ රේගු වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික සුදත් ද සිල්වා කියා සිටියේ.