ඊජිප්තු මුහුදේ බෝට්ටුවක් පෙරලී 100 ක් මරුට

Thursday, 22 September 2016 - 18:22

%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+100+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉතාලිය බලා ගමන් කළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ඊජිප්තු මුහුදු තීරයේදී පෙරලී යාමෙන් පුද්ගලයන් සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා.

මෙම නීතිවිරෝධී සංක්‍රමණික යාත්‍රාවේ 450 කට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවට විශ්වාසය පළ කෙරෙනවා.

මේ වනවිට 163 දෙනෙකුගේ දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.