රජයට ලැබිය යුතු ලක්ෂ 2550 ක් ඇවන්ගාඩ් සමාගමෙන් කපා හැරලා

Thursday, 22 September 2016 - 18:40

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+2550+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
රක්නා ලංකා සමාගමට අයවිය යුතු රුපියල් ලක්ෂ 2550 ක මුදලක් ඇවන්ගාඞ් සමාගමෙන් කපා හැරීම පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරමින් මෙම ඉල්ලීම සිදුකළා.

මේ අතර, ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කථානායක කරූ ජයසූරිය අද (22) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

අද (22) දිනයේදී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමුවැනි වාර්තාවද එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එමෙන්ම, අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත අවවාද කරනු ලැබුවා.

ඒ, ඊයේ දිනයේ දී සභා ගර්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හැසිරීම පිළිබඳව ප්‍රකාශයක් සිදුකරමින්.