Update : පහරකෑමට ලක්වූ යාපනයේ දැරිය ගැන වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි

Friday, 23 September 2016 - 6:39

Update+%3A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
යාපනය - කෝපායි ප්‍රදේශයේදී සිය කුඩම්මාගේ පහර කෑමට ලක්වූ දැරිය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නැයි අධිකරණය අද නියෝග කළා.

මෙම සිද්ධියට අදාළ වීඩියෝපටය සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය වූ අතර අනතුරුව පහරදීම සිදුකළ කාන්තාව සහ දැරියගේ පියා පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී යාපනය වැඩ බලන මහේස්ත්‍රාත් කේ. අරියනායගම් නියෝග කර ඇත්තේ තීන්දුවක් ලබාදීමට පෙර දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් අවශ්‍ය බවයි.

Update : Friday, September 23, 2016
----------------------------------------------

දරුවෙකගේ ආරක්ෂාව ආදරය යන සියලු දේ නිර්මාණය වෙලා තියෙන්නේ අම්ම කෙනෙකුගේ අසීමිත සෙනෙහසට ආවරණය වෙමින්.

එවන් උත්තරීතර මාතෘත්වයට නිගා දෙන වීඩියෝ දසුනක් අද සමාජජාල වෙබ් අඩවි කැළඹවුවා.

මේ පුවත වාර්තාවුනේ යාපනය කෝපායි ප්‍රදේශයෙන්.

මේ කාන්තාව කෝපයෙන් තම දියණිය සිටින ස්ථානයට පැමිණෙන්නේ දරුවා ස්නානය කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන්.

එහිදී මව දරුවාට ක්‍රෑර අන්දමින් පහර දෙන අතර මෙම සිදුවීම කිසියම් පුද්ගලයෙකු විසින් රහසිගතව පටිගත කර ෆේස්බුක්  සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැර තිබුණා.

කෝපායි පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව අත්අඩංගුවට ගත් බවයි.

ඇය සමග ඇගේ දරුවන්ද මේ වන විට කෝපායි පොලිසියේ රැදී සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.