ජගත් මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට පැසසුම්

Friday, 23 September 2016 - 7:31

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
වර්තමාන රජය යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙවර ජගත් සංවිධාන මහා මණ්ඩලයේදී ජගත් සංවිධාන මහලේකම්වරයාගේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රසාදය පළ වුණා.

මීට අමතරව, මෙම සමුළුවට සහභාගි වූ ඉන්දීය දුත පිරිසේ සහ කැනඩා දුත පිරිසේ ද ප්‍රසාදය ශ්‍රී ලංකාවට හිමිවූ බවයි එහි සිටින වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මීට අමතරව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දැක්වීමට ඇමරිකාව ප්‍රතිඥා ලබාදුන්නා.

මේ අතර, කැනඩා දුත පිරිස සදහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ දැනට සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද සිය අවධානය යොමුව ඇති බවයි.

එහි ප්‍රගතිය පිළිබදව කැනඩා රජය සිය ප්‍රසාදය පළ කරන බව ද ඔහු සදහන් කර තිබෙනවා.

ජගත් සංවිධාන මහා මණ්ඩල සමුළුව ලබන 28 වනදා දක්වා පැවැත්වෙන අතර, එහිදී තිරසාර සංවර්ධනය පිළිබදව ශ්‍රී ලංකාව ඇතුළු රටවල ලෝක නායකයන් තවදුරටත් සංවාදයේ නිරත වනු ඇති.