සැක කටයුතු කාන්තා මරණයක් (ඡායාරූප)

Friday, 23 September 2016 - 7:56

%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සැක කටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් මුන්දලම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකින් හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මුන්දලම සෙම්බැට්ටල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්.

ඊයේ රාත්‍රී සොයා ගැනුනු මෙම මළ සිරුර මහේස්ත්‍රාත් පරික්ෂණ සඳහා එම ස්ථානයේම තැන්පත් කර තිබෙනවා.

ඇය ඊයේ පස්වරු 2 ට පමණ නිවෙස ආසන්නයේ ඇති වෙළඳසැලකට ගොස් ඇති අතර යළි නොපැමිණීම හේතුවෙනුයි දියණිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

අනතුරුව කල සොයා බැලීමකදී මළ සිරුර හමුවී තිබෙනවා. සිද්ධිය පිළිබඳ මුන්දලම පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.



ඡායාරූප - පුත්තලම ප්‍රියංකර කලුපහන