අලුත්ගම වෙළදසැලක ගින්නක් (ඡායාරූප)

Friday, 23 September 2016 - 8:30

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අලුත්ගම - වැලිපැන්න දක්ෂිණ අධිවේගී මාර්ගයට ආසන්න ප්‍රදේශයේ රෙදිපිළි වෙළදසැලක් තුළ ගින්නක් හට ගෙන තිබෙනවා.

කළුතර මහනගර සභාව සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ ඇති වූ ගින්න මැඩපවත්වා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බව විශ්වාස කෙරෙනවා.

රාත්‍රී 10 ට පමණ ආරම්භ වූ ගින්න මැඩපැවැත්වීමට පැය දෙකක් පමණ කාලයක් ගත වූ බවයි පොලිසිය සදහන් කළේ.

මේ අතර අප වාර්තාකරු සඳහන් කලේ ගින්න හටගත් අවස්ථාවේ ඒ අසලට පැමිණ සිටි පුද්ගලයකු හෘදයාබාධයකින් මරණයට පත්වී තිබෙනවා.

ඒ ගින්නට ලක්වු වෙළඳසැල අසල අනෙක් වෙළඳසැලේ හිමිකරුවා බව සඳහන්.

ඔහු ගින්න සිදුවු ස්ථානයට පැමිණ සුලු වේලාවකින් ඇතිවු ක්ලාන්ත තත්වයකින් ඇද වැටී තිබෙනවා.

අනතුරුව ඔහු අලුත්ගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි මරණයට පත්වී ඇත්තේ.

කම්පනය හේතුවෙන් ඇතිවු හෘදයාබාධයක් මත එම පුද්ගලයා මරණයට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශයකු පොලිසියට දන්වා ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කලා.



ඡායාරූප - අලුත්ගම තුසිත කුමාර ද සිල්වා