යාහූ රහසක් හෙළි කරයි

Friday, 23 September 2016 - 9:05

%E0%B6%BA%E0%B7%8F%E0%B7%84%E0%B7%96+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සුප්‍රකට අන්තර්ජාල සෙව්ම් යාන්ත්‍රණයක් වන යාහූ ගණුදෙනුකරුවන් මිලියන 500 ක තොරතුරු අනවසර පිවිසුම් මගින් 2014 වසරේදී හැකර්වරුන් ලබාගෙන ඇති බව යාහූ නිවේදනය කළා.

එය ඉතිහාසයේ විශාලතම සයිබර් ප්‍රහාරය ලෙස සැලකිය හැකි බවයි තාක්ෂණික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, මෙය රාජ්‍යයක් විසින් අනුග්‍රහය දැක්වූ ප්‍රහාරයක් ද යන්න පිළිබදව යාහූ සැක පළ කරනවා.

සොරකම් කල තොරතුරු අතර යාහු භාවිත කරන්නන්ගේ නම් සහ වෙනත් ඊමේල් ලිපින වැනි පෞද්ගලික තොරතුරු / ඊමේල් ගිණුමක ආරක්ෂිත භාවය තහවුරු කිරීම වෙනුවෙන් යොදා ගැනෙන ආරක්ෂිත ප්‍රශ්ණ සහ ඊට ලබාදුන් පිළිතුරු ද වන බව සඳහන්.

කෙසේවෙතත් ක්‍රෙඩිට් කාඩ් පත්වල කිසිදු තොරතුරක් අනවසර පිවිසුම්කරුවන්ට ලබාගැනීමට හැකිවී නැතැයි ද යාහු සමාගම ප්‍රකාශකර තිබෙනවා.